Jump to ratings and reviews
Rate this book

කතා පහක්

Rate this book

197 pages, Paperback

Published January 1, 2018

1 person is currently reading
17 people want to read

About the author

Gunadasa Amarasekara

50 books27 followers
ගුණදාස අමරසේකර (Sinhala)

ගුණදාස අමරසේකර ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ නොළඹ නාලන්දා යන විද්‍යාලවලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.

අමරසේකර නූතන ලාංකීය සාහිත්‍යයේ බොහෝ අවදානයට ලක් වූ පේරාදෙණි ගුරුකුලයේ සමාරම්භකයෙකි. සිය නිර්මාණවල වස්තු විෂය සහ ලේඛන ශෛලිය නිසා හෙතෙම සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. පසුකාලීනව ගන්ධබ්බ ආපදානය වැනි කෘති මඟින් සිය මුල් නිර්මාණ සහ සාහිත්‍ය දර්ශනය පිළිබඳ ස්වයං විවේචනයක නිරත වූ අමරසේකර නව දැක්මකින් නිර්මාණකරණයට පිවිසිණි.

1970 න් පසු ඔහු සමාජ සංස්කෘතික සහ දේශපාලනික විවේචනයන්ට යොමු විය. 1980 සිට වර්තමානය දක්වා සිංහල විද්වත් සංවාදය තුළ ආධිපත්‍යය දරන ජාතික චින්ත සතවාදය නිර්මාණය කිරීමට නලින්ද සිල්වා සමග ගුණදාස අමරසේකරද පුරෝගාමී විය.

කෝට්ටේ යුගයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් සිංහල කවිය නැවත සම්ප්‍රදාය සිය සම්ප්‍රදාය මත පිහිටුවීමෙහිලා අමරසේකර මූලික විය. 18 මත් සිව්පදයට සිර වූ ජනප්‍රිය කොළඹ කවිය මෙන් ම ඊට විකල්පයක් ලෙස ගෙන ආ නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ ඔහු සිංහල කවියේ අක්මුල් සොයා ගියේ ය. ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළ අමරසේකර වස්තු විෂයට අනුකූල විවිධ විරිත් ඔස්සේ සදාතනික පද්‍ය නිර්මාණ ගොන්නක් නිර්මාණය කළේ ය.

සිංහල සාහිත්‍යය විෂයයෙහි අමරසේකරගේ සම්ප්‍රදානයට බුහුමන් ලෙස 2008 නොවැම්බර් මස සිට 2009 නොවැම්බර් දක්වා අමරසේකර ප්‍රත්‍යාවලෝකණ වසර ලෙස නම් කර තිබේ.

වසර 2009 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (20%)
4 stars
2 (40%)
3 stars
2 (40%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
September 24, 2020
පාසල් යන සමයේ දී අමරසේකරයින්ගේ කෙටි කතා වලටද, ඔහුගේ මා කියවූ තිබු එකම නවකතාව වන "ගන්ධබ්බ අපදානය" කෙරෙහි ඉතාමත් ව පැහිදී සිටිය බව මතකය. එබැවින් මෙමෙ වසරේ පොත් ප්‍රදර්ශනයෙන් අමරසේකරයින්ගේ බහුතරයක් කෘති මිලදී ගත්තේ ඔහු විසින් රචිත සියළුම කෙටිකතා සහ නවකතා කියවන අටියෙනි. "කතා පහක්" කෙටි කතා සංග්‍රහය එහි ආරම්භයයි.

මෙහි ඇති කතා පහෙන් හතරක්ම විස්තර කරන්නේ සමාජය හා කලකිරී සමාජවාදී විප්ලවය විකල්පයක් ලෙස නොසලකන කතානායකයින්ගේ ගමන ය. ඔවුන් සියල්ලක්ම කුඩා සමයේ දෙමවුපියන්ගේ සහ සමාජයේ බලපෑම් නිසා රජයේ ඉහල පරිපාලන නිලධාරීන් හෝ විශ්ව විද්‍යාල ආචාරීන් වුවන් වන අතර ඔහුන් ලබන සමාජීය ඥානයත් සමග සමාජයෙහි ප්‍රචලිත ආකල්ප සහ දේශපාලනික විකෘතීන් නිසා කලකිරී දොම්නස් සහගත ලෙස ජිවත් වන්නන් වේ. අමරසේකරගේ පෞද්ගලික දැක්මට හා සරිලන ලෙස කතානායකයින් සමාජවාදී අරගල, විශේෂයින් සන්නද්ධ අරගල හා විප්ලව සංශයවාදීව බලා බැහැර කොට කතා අවසානයේදී ඔවුන් ඉවත දැමු ලාංකික සංස්කෘතිය ද යම්කිසි අතීතකාමයකින් යුක්තව ඔවුන්ගේ කුඩා කාලය හා දෙමවුපියන් පිලිබඳ මතක වැලඳ ගනී. කිසිවක් එමගින් වෙනස් නොවුනද මෙමගින් ඔවුන්ගේ ජීවිතය ගෙවීමට මෙය ප්‍රමාණවත් වේ යැයි අඟවා වියමන අවසාන වේ.

පැහැදිලිවම මෙහි ගුණදාස අමරසේකරයින්ගේ ආකල්ප පිළිඹිබු වුවද වයසින් මුහුකුර යාමේදී අතීත කාමයත් සමග එන කුඩාකල සොඳුරු මතකයින් නිසා කියවීම ඉතාමත්ම රසවත් අත්දැකීමක් විය. කෙසේ වුවත් පසුකාලීනව අමරසේකරයින්ගේ මතය වෙනස් වූ ආකාරය හා සසඳා නැවත කියවීමෙන් මෙහි කතෘ පලකල මතවාදය තව පැහැදිලි වේ යැයි සිතමි.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.